ධර්ම සංවේගයෙන් යුතුව දැනුම දීමයි ! මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකය වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ කීර්තිශේෂභාවෝපගත වූ බව ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. 1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූ සේක. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආලෝකවත් කළ පස්වැනි පරිවෙනාධිපති වූ සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හිමිට මෙම පින්වන්ත දරුවා දැකගන්නට ලැබුණු අතර ගති ලක්‍ෂණ අනුව අනාගත නායකත්ව ලක්‍ෂණ හා ගුණගරුක බව ඇති භාග්‍යසම්පන්න දරුවකු බව වටහා ගත් යක්කඩුවේ නාහිමි, හුරුක්ගමුව රාජමහා විහාරාධිපතිව වැඩවිසූ හුරුක්ගමුවේ ගුණරතන නායක හිමි...