Skip to main content

ධර්ම සංවේගයෙන් යුතුව දැනුම දීමයි !

ධර්ම සංවේගයෙන් යුතුව දැනුම දීමයි ! 


මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති  සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකය වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ කීර්තිශේෂභාවෝපගත වූ බව ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. 

1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූ සේක. 

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආලෝකවත් කළ පස්වැනි පරිවෙනාධිපති වූ සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හිමිට මෙම පින්වන්ත දරුවා දැකගන්නට ලැබුණු අතර ගති ලක්‍ෂණ අනුව අනාගත නායකත්ව ලක්‍ෂණ හා ගුණගරුක බව ඇති භාග්‍යසම්පන්න දරුවකු බව වටහා ගත් යක්කඩුවේ නාහිමි, හුරුක්ගමුව රාජමහා විහාරාධිපතිව වැඩවිසූ හුරුක්ගමුවේ ගුණරතන

නායක හිමියන්ගේ ද අවසරය ලබාගෙන මහණ කිරීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට කැඳවා ගෙන එන ලදී. 

නිර්මල සර්වඥ ධාතූන්වහන්සේලා වැඩ සිටින  පෑලියගොඩ විද්‍යාලංකාරය පින්බිමේ පැවති අසිරිමත් ධර්ම සංගායනාව සියසින් දැක ගැනීමේ වරම් හිමි කරගත් මේ කුලකුමරු  1954 ජනවාරි මස 07 වන දින තවත් තරුණයන් 9 දෙනෙකු සමඟ එවකට පරිවේනාධිපති වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි කරන ලදී. 

එම කාලයේ දී තරුණ කුසලධම්ම හිමියන්ට විද්‍යාලංකාර සම්ප්‍රදාය, භික්‍ෂු ආකල්ප හා ධර්ම ඥානය ලබා ගැනීමට යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගෙන් ලැබුනේ විශාල පිටුවහලකි. නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යත උපසම්පදාව ලබා ගත් කුසලධම්ම හිමියෝ 60 වැනි දශකය මුල් භාගයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්හ. 

ඉන්පසු උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන ධර්මශාස්ත්‍ර සේවාව ආරම්භ කළ අප නාහිමියෝ එහි ප්‍රථම කෘත්‍යාධිකාරී දූරයට ද පත් වූහ. පසු ව එහි පරිවෙණාධිපතීත්වයට පත් උන්වහන්සේ එම පිරිවෙනේ දියුණුවට කර ඇති මෙහෙය සුවිශාලය. 

වර්ෂ 1983 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්‍ෂ ධූරයට පත් වූ උන්වහන්සේ 1989 දී තත් විද්‍යාස්ථානයේ පරිවෙනාධිපති නම් කෙරුණු ලැබූවත් අප්‍රමාණ ගුරු භක්තිය හේතුවෙන් ඒ වන විට රෝගාතුරව පසු වූ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමියන්ට එම ධුරය පිරිනැමීටම තරම් කුසලධම්ම හිමියෝ අනතිමානී වූහ. නාත්තන්ඩියේ නාහිමියන් 1990 දී අපවත් වීමෙන් අනතුරුව පරිවේනාධිපතිත්වයට පත් අප නාහිමියන් එතැන් සිට අද දක්වා අපවත් වන තුරු ම සිදු කළ අසදෘෂ මහා සේවාව මෙරට ශාසන ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් සනිටුහන් කළේ ය. 

විචිත්‍ර ධර්ම කථිකත්වයකින් හෙබි අපේ නායක හිමි දිවයිනේ සතර දිග්භාගයෙන් ලැබෙන ධර්ම දේශනා සඳහා ආරාධනා පිළිගෙන ඒවාට වැඩම කරන ලද්දේ  ඉතා සංතෘප්තියෙනි. කවදත් කොතැනත් උන්වහන්සේගේ සිනහ මුසු මුහුණ වියතුන් සබා මැද බැබළුණි. 

තමාට ලැබෙන සෑම දෙයක් ම අනුන්ට පරිත්‍යාග කරමින්, තමා හමුවට පැමිණෙන සෑම දෙනාටම ඉහළම ආකාරයෙන් ආගන්තුක සත්කාර සිදු කරමින් චාම් ජීවිතයක් ගත කළ නාහිමියන්ගේ හදවත අනුන්ගේ දුකේ දී උණුවන, කරුණා ගුණයෙන් පිරුණකි. 

මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබූහ. 

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ද සම්මානිත වූ නාහිමිපාණෝ  තමාට කෙතරම් තනතුරු ලැබුන ද ඒ සියල්ලට වඩා බුදුරාජාණන් වහන්සේට තිබූ ශ්‍රද්ධාව මුල් කොට සිය දිවිය ගත කළහ. සෑම මසක ම  අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීම වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දිවියේ සිරිතක් විය. 

එවන් වූ අපරිමිත ගුණ සමුදායකින් හෙබි ව ශ්‍රී ලංකා ශාසන භාර මහ තෙර නමක් ලෙසින් වැඩ සිටි අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණයෙන් නිවී සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු.

සංවේගයට පත්

බප/මිනු/ ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනේ කෘත්‍යාධිකාරී පූජ්‍ය තිඹිරිගොල්ලේ රේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පරිවෙණාධිපති හිමි, ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයන් සියලු දෙනාගේ සාතිශය සංවේගය පළකර සිටිමු.

Comments

Popular posts from this blog

5S සංකල්පය කාර්යාලයටත් ජීවිතයටත්

මොකක්ද මේ 5S??? ජපනා හපනා කියල කතාවක් අහල ඇතිනේ. මේකත් ඉතින් ජපනගෙම වැඩක් තමා. අපි කවුරුත් දන්නවනේ, ජපානය කියන්නෙ කාර්මික ක්ෂේත් ‍ රයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබල තියෙන රටක්ය කියන එක. ජපානෙ එච්චර දියුණු රටක් වුනාට, ඒ රටේ ඔය කාර්මික නිෂ්පාදන වලට අවශ් ‍ ය කරන ස්වභාවික සම්පත් අඩුයි, ඒ වගේම දෙවෙනි ලෝක යුද්දෙදි විශාල විනාශයක් වුන රටක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ රට මෙච්චරටම දියුණු වුනේ කොහොමද? ඒ දියුණුවේ රහස මොකක්ද? ඒ රහස් අතරින් ප් ‍ රධානතම රහසක් තමා මේ කියන්න හදන 5S කියන සංකල්පය. ඇත්තටම කිව්වොත් 5S කියන්නෙ කියන්නෙ කර්මාන්ත ශාලාවක් කළමනාකරණය කිරීම සඳහා ඇති කරපු සංකල්පයක්. 5S – S අකුරු 5 ක්. ජපන් භාෂාවෙ තියෙන Seiri, Seiton, Seisô, Seiketsu සහ Shitsuke කියන ජපන් වචන පහේ මුල් අකුරු අනුව තමා මේ සංකල්පය 5S කියල හඳුන්වන ‍ ්නෙ. මේ වචන පහට සමාන තේරුම් තියෙන Sort, Set In Order, Shine, Standardize සහ Sustain කියන ඉංග් ‍ රීසි වචන යොදල ඒක ඉංග් ‍ රීසියට පරිවර්තනය කරල තියෙනව. මේකට “ස” යන්නෙන් පටන් ගන්න, සංවිධිත බව - සුපිළිවෙළ - සුපිරිසිදුබව - සමමිතීය - ශික්ෂණය යන සිංහල වචන පහක් යොදල මේක සිංහලයටත්

ඵලදායීතාව යනු

ඵලදායීතාව යනු අද වන විට බහුල ලෙස භාවිතා වන සිංහල වචනයක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. ඉංග් ‍ රීසි භාෂාවේ productivity යන වචනයේ අර්ථය ප් ‍ රකාශ කිරීම පිනිස ඵලදායීතාවය යන වචනය අප විසින් භාවිත කෙරේ. සමහර උදවිය මෙහි ගැබ් වී ඇති සැබෑ අර්ථය තේරුම් නොගෙන මෙම වචනය භාවිත කරන බව අධ් ‍ යයනයේදී පෙනී යයි. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්නේ ඵලදායීතාවයයි. ප් ‍ රාදේශීය මහ ලේකම් කාර්යලද රජයේ ප් ‍ රමුඛ සේවාවන් ලබාදෙන ආයතනයකි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා පම

පිරිවෙනෙහි දැක්ම, මෙහෙවර, හා පිරිවෙන් අගයන්