Skip to main content

5S සංකල්පය කාර්යාලයටත් ජීවිතයටත්

මොකක්ද මේ 5S???


ජපනා හපනා කියල කතාවක් අහල ඇතිනේ. මේකත් ඉතින් ජපනගෙම වැඩක් තමා. අපි කවුරුත් දන්නවනේ, ජපානය කියන්නෙ කාර්මික ක්ෂේත්රයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබල තියෙන රටක්ය කියන එක. ජපානෙ එච්චර දියුණු රටක් වුනාට, ඒ රටේ ඔය කාර්මික නිෂ්පාදන වලට අවශ්ය කරන ස්වභාවික සම්පත් අඩුයි, ඒ වගේම දෙවෙනි ලෝක යුද්දෙදි විශාල විනාශයක් වුන රටක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ රට මෙච්චරටම දියුණු වුනේ කොහොමද? ඒ දියුණුවේ රහස මොකක්ද?
ඒ රහස් අතරින් ප්රධානතම රහසක් තමා මේ කියන්න හදන 5S කියන සංකල්පය. ඇත්තටම කිව්වොත් 5S කියන්නෙ කියන්නෙ කර්මාන්ත ශාලාවක් කළමනාකරණය කිරීම සඳහා ඇති කරපු සංකල්පයක්.
5S – S අකුරු 5 ක්. ජපන් භාෂාවෙ තියෙන Seiri, Seiton, Seisô, Seiketsu සහ Shitsuke කියන ජපන් වචන පහේ මුල් අකුරු අනුව තමා මේ සංකල්පය 5S කියල හඳුන්වන්නෙ. මේ වචන පහට සමාන තේරුම් තියෙන Sort, Set In Order, Shine, Standardize සහ Sustain කියන ඉංග්රීසි වචන යොදල ඒක ඉංග්රීසියට පරිවර්තනය කරල තියෙනව. මේකට “ස” යන්නෙන් පටන් ගන්න, සංවිධිත බව - සුපිළිවෙළ - සුපිරිසිදුබව - සමමිතීය - ශික්ෂණය යන සිංහල වචන පහක් යොදල මේක සිංහලයටත් පරිවර්තනය කරල තියෙනව. අපි මේ එක එකක් ගැන සරලව තේරුම් ගනිමු.
Seiri– Sort – සංවිධිත බව - මේ කියන්නෙ අනවශ්ය දේවල් ඉවත් කරල අවශ්ය දේවල් තෝරාගන්න කියල
Seiton – Set In Order – සුපිළිවෙළ -
කලින් පියවරේදි තෝරගත්ත අවශ්ය දේවල් ටික පිළිවෙලකට තියන්න කියන එක
Seisô – Shine – සුපිරිසිදුබව -
පිළිවෙලකට තියල විතරක් මදි, ඒ දේවල් හොඳ පැහැදිලි පිරිසිදු තත්ත්වයෙන් තියෙන්නත් ඕන
Seiketsu – Standardize – සමමිතීය -
මේ දේවල් පරිහරණය කරන එක අපි ප්රමිතියකට අනුව උසස් තත්ත්වයෙන් කරන්න ඕන
Shitsuke – Sustain – ශික්ෂණය -
එහෙම කරාට පස්සේ අපි මේ දේවල් අඛණ්ඩව පවත්වාගෙන යන්නත් ඕන.

දැන් මේක ටිකක් ඉස්සරහට ගිහින් 8S කියල සංකල්පය දියුණු වෙලා තියෙනව. එතනදි අලුතෙන් එකතුවෙලා තියෙන්නෙ Safety, Systematic සහ Satisfaction කියන සංකල්ප. ඒ කියන්නෙ ආරක්ෂාව තහවුරු කිරීම, ක්රමාණුකූල කිරීම සහ තෘප්තිමත් භාවය කියන දේවල්.
ලොකු දෙයක් වගේ පෙනුනට ඉතාම සරල දෙයක්. ඔන්න ඔහොම තමා 5S සංකල්පය ක්රියාත්මක වෙන්නෙ. මේ කියපු දේවල් කට පාඩම් කරනවට වඩා ඒකෙ අදහස ඔලුවට ගන්න එකයි වැදගත් වෙන්නෙ. එතකොට ඉබේටම අපි අතින් මේ සංකල්පය ක්රියාත්මක වෙනව.

Comments

Popular posts from this blog

ඵලදායීතාව යනු

ඵලදායීතාව යනු අද වන විට බහුල ලෙස භාවිතා වන සිංහල වචනයක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. ඉංග් ‍ රීසි භාෂාවේ productivity යන වචනයේ අර්ථය ප් ‍ රකාශ කිරීම පිනිස ඵලදායීතාවය යන වචනය අප විසින් භාවිත කෙරේ. සමහර උදවිය මෙහි ගැබ් වී ඇති සැබෑ අර්ථය තේරුම් නොගෙන මෙම වචනය භාවිත කරන බව අධ් ‍ යයනයේදී පෙනී යයි. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්නේ ඵලදායීතාවයයි. ප් ‍ රාදේශීය මහ ලේකම් කාර්යලද රජයේ ප් ‍ රමුඛ සේවාවන් ලබාදෙන ආයතනයකි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා පම

පිරිවෙනෙහි දැක්ම, මෙහෙවර, හා පිරිවෙන් අගයන්