ඵලදායීතාව යනු
අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්නේ ඵලදායීතාවයයි.
ප්රාදේශීය මහ ලේකම් කාර්යලද රජයේ ප්රමුඛ සේවාවන් ලබාදෙන ආයතනයකි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා පමනක් නොව උපතට පෙර සිට හා මරණයෙන් පසුවත් සේවාවන් රාසියක් ලබාදෙන විශේෂ වු කාර්යාලයකි ප්රාදේශීය මහ ලේකම් කාර්යාලය. එබැවින් එම ආයතනයෙන් ලබාදෙන සේවාවන්ගේ ගුණාත්මක බව නැතිනම් සඵලතාවය හැකි උපරිමයෙන් රැකීම අත්යාවශ්ය වේ. සඵලතාවය පමනක් ප්රමාණවත් නොවේ. එහි කාර්ය්යක්ෂමතාවය උපරිම මට්ටමක රඳවා ගැනීමද අත්යාව්ය වේ.
පොඩ්ඩක් සිතන්න. උප්පැන්න සහතිකයක් ගන්න දවස් දෙකක් කාර්යාලයට එන්න යම් පාරිබෝගිකයෙකුට සිදු වුවහොත් එම පාරිබෝගිකයාගේ වෙනත් කාර්යයක් කිරීමේ හෝ ආදායමක් ඉපයීමේ අවස්ථාව ඔහුට අහිමි වේ. එමගින් එම පාරිබෝගිකයාගේ ආදායම පහත වැටෙනවා පමනක් නොව රටේ ජාතික නිශ්පාදනයද පහත වැටේ. එමනිසා සඵලතාවය හා කාර්ය්යක්ෂමතාවය යන දෙයන්ෂයම ඵලදායීතාවය යන්නෙන් ගම්ය වේ.
එබැවින් ඵලදායීතාවය පහත අයුරින් තේරුම් ගැනීමද වරදක් නැත.
ඵලදායීතාවය = (සඵලතාවය+ කාර්ය්යක්ෂමතාවය)
කෙසේ නමුත් ඵලදායීතාවය යන්නෙහි සැබෑ අර්ථය වන්නේ
*හරි දේ හරි විදියට කිරීම වේ. *
එනම් වැරදි දෙයක් හරි විදියට කිරීම ඵලදායී නොවේ.
ඒ වගේම හරි දෙයක් වැරදි විදියට කිරීමද ඵලදායී නොවේ.
වැරදි දෙයක් වැරදි විදියට කිරීම කිසිසේත් ඵලදායී නොවේ.
Comments
Post a Comment