Skip to main content

Narasiha Gatha නරසීහ ගාථා


 යශෝධාරා උත්තම දේවිය විසින් මඟ වඩනා බුදුරජාණන් වහන්සේ පෙන්වා

රාහුල කුමාරයාට තම පියා පිලිබඳව කෙරෙන මේ විශ්මිත හඳුන්වා දීම ඇය විසින් කෙසේ නම් කලේදැයි සිතීම පවා ආශ්චර්යයකි. ඒ වන විට යශෝධරාව මාර්ගඵල හෝ ලබා සිටිය කෙනෙක් නොවේ. එහෙත් බුද්ධ ශරීරය සහ ඒ මහා පුරුෂ ලක්ෂණ අැය උපමා උපමේය ඇසුරෙන් ගොඩනගන අයුරු විචිත්‍රය. යශෝධරාවගේ සංසාර පුරුද්දම මේ සඳහා උපයෝගී වන්නට ඇතැයි සිතීම  අපගේද ශ්‍රද්ධාව වඩන්නකි. මේ ගාථා ඇසුරින් මා විසින් රචිත පැදිපෙල මගේ අල්ප වූ පාලිභාෂා ඥාණය තුල නිර්මාණය වූවක් නිසා යම් දොසක් වේ නම් උගතුන් කමත්වා. චක්ක වරංකිත රත්ත සුපාදෝ                     ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී            චාමර ඡත්ත විභූසිත පාදෝ                   ඒසහි තුය්හ පිතා නරසීහෝ                 සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ              ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ ලෝක හිතාය ගතෝ නරවීරෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ දේව නරාන පියෝ නරනාතෝ මත්ත ගජින්ද විලාසිත ගාමී ඒසහි තුය්හ පිතා නරසීහෝ ඛත්තිය සම්භව අග්ග කුලීනෝ දේව මනුස්ස නමස්සිත පාදෝ සීල සමාධි පතිට්ඨිත චිත්තෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ ආයත යුත්ත සුසන්ඨිත නාසෝ ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ ඉන්දධනූ අභිනීල භමූකෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ සීහ හනූ මිග රාජ සරීරෝ කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ වීසති වීසති සේත සුදන්තෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ කංචන පට්ට විසුද්ධ ලළාටෝ ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ ගච්ඡති නීල පථේ විය චන්දෝ තාර ගණා පරිචේඨිත රූපෝ සාවක මජ්ජගතෝ සමණින්දෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ - 1. චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ     ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ     චාමර සත් බැබලෙන පා පතුලේ     මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. 2. ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා     පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා     ලෝ යහපත වෙත ආ නරවීරා      මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. 3. පුන්සද මෙන්  බැබලෙන පැහැ මුහුණයි     දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි     මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. 4. අග්‍ර කුලය වූ කැත් කුල වංශේ      දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ       ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ       මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. 5. උසින් දිගින් සුපිහිටි සොද නාසේ      ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ       දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ       මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. 6. මනාව වටකොට සැදි ගෙල ඇත්තේ     සිංහ හනුද මුව රජ වැනි සිරුරේ    රන්පාටින් බැබලෙන ගත සිරියේ    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. 7. සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන     හිංගුල කන්ද සෙ දිව යහපත් වේ     විස්ස බැගින් යුත්  සමසතලිස් දත්    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. 8. සුසිනිල කේශය අඤ්ජන වර්ණය     රන්පටයක් බඳු  නිමල ලලාටය     ඕසධි තරුවක් සේ  පිරිසිදු විය     මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. 9.අහස් කුසේ සරණා පුන්සඳ සේ     තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්     ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා     මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙන දේශකයන් වහන්සේ අලුත්වත්තේ රතන ධර්ම හිමි

Comments

Popular posts from this blog

5S සංකල්පය කාර්යාලයටත් ජීවිතයටත්

මොකක්ද මේ 5S??? ජපනා හපනා කියල කතාවක් අහල ඇතිනේ. මේකත් ඉතින් ජපනගෙම වැඩක් තමා. අපි කවුරුත් දන්නවනේ, ජපානය කියන්නෙ කාර්මික ක්ෂේත් ‍ රයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබල තියෙන රටක්ය කියන එක. ජපානෙ එච්චර දියුණු රටක් වුනාට, ඒ රටේ ඔය කාර්මික නිෂ්පාදන වලට අවශ් ‍ ය කරන ස්වභාවික සම්පත් අඩුයි, ඒ වගේම දෙවෙනි ලෝක යුද්දෙදි විශාල විනාශයක් වුන රටක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ රට මෙච්චරටම දියුණු වුනේ කොහොමද? ඒ දියුණුවේ රහස මොකක්ද? ඒ රහස් අතරින් ප් ‍ රධානතම රහසක් තමා මේ කියන්න හදන 5S කියන සංකල්පය. ඇත්තටම කිව්වොත් 5S කියන්නෙ කියන්නෙ කර්මාන්ත ශාලාවක් කළමනාකරණය කිරීම සඳහා ඇති කරපු සංකල්පයක්. 5S – S අකුරු 5 ක්. ජපන් භාෂාවෙ තියෙන Seiri, Seiton, Seisô, Seiketsu සහ Shitsuke කියන ජපන් වචන පහේ මුල් අකුරු අනුව තමා මේ සංකල්පය 5S කියල හඳුන්වන ‍ ්නෙ. මේ වචන පහට සමාන තේරුම් තියෙන Sort, Set In Order, Shine, Standardize සහ Sustain කියන ඉංග් ‍ රීසි වචන යොදල ඒක ඉංග් ‍ රීසියට පරිවර්තනය කරල තියෙනව. මේකට “ස” යන්නෙන් පටන් ගන්න, සංවිධිත බව - සුපිළිවෙළ - සුපිරිසිදුබව - සමමිතීය - ශික්ෂණය යන සිංහල වචන පහක් යොදල මේක සිංහලයටත්...

ඵලදායීතාව යනු

ඵලදායීතාව යනු අද වන විට බහුල ලෙස භාවිතා වන සිංහල වචනයක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. ඉංග් ‍ රීසි භාෂාවේ productivity යන වචනයේ අර්ථය ප් ‍ රකාශ කිරීම පිනිස ඵලදායීතාවය යන වචනය අප විසින් භාවිත කෙරේ. සමහර උදවිය මෙහි ගැබ් වී ඇති සැබෑ අර්ථය තේරුම් නොගෙන මෙම වචනය භාවිත කරන බව අධ් ‍ යයනයේදී පෙනී යයි. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්නේ ඵලදායීතාවයයි. ප් ‍ රාදේශීය මහ ලේකම් කාර්යලද රජයේ ප් ‍ රමුඛ සේවාවන් ලබාදෙන ආයතනයකි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා පම...

පිරිවෙනෙහි දැක්ම, මෙහෙවර, හා පිරිවෙන් අගයන්