Skip to main content

ගණදෙවි හෑල්ල කවි Ganadhevi Halla kavi


 ගණදෙවි හෑල්ල: නක්‍ෂත්‍ර යන්‍ත්‍ර මන්‍ත්‍ර ශාස්‍ත්‍ර බොහෝ පෙර සිට ම ලක්දිව භාවිත විය. බුදුදහම අනුව දිවි පවත්වන අතර ම මෙලොව දියුණුව තකා නක්‍ෂත්‍ර ශාස්‍ත්‍රාදිය ඔහු භාවිත කළහ. නකතට වැඩ ඇල්ලීම ඉතා පැරණි සිංහල සිරිතෙකි. මුල් කාලයේදී අකුරු ඉගැන්වීමට ලක්දිව භාවිත වූ පොත් අසුවල් ඒවායැයි තව ම හෙලි වී නැත. එහෙත් මෑත යුගයෙහි එයට සැකසුණු පොත් තව ම මද වශයෙන් නමුදු භාවිත වේ. බමුණන්ගේ පුද පූජා ක්‍රම අනුව ගණදෙවි පිදුම අධ්‍යයනාරම්‍භයෙහි කරනු ලැබේ. හෙළබසින් රැසැයුණු ගණදෙව් පුවත හා ගණදෙව් තුතිය මඟුල් ලකුණින් පසුව පාඩම් පොතක් වශයෙන් භාවිත වූයේ එහෙයිනි. මෙහි කර්‍තෘ කවරෙක් දැ යි සඳහන් නැත. 11 වැනි කවෙහි ‍පැණෙන “වනා පරහල උමන්” යන තැන පරහල යන්න පෘතුගීසි පරාල ශබ්‍දය ම හෙලබසට යොදාගත් සැ‍ටියෙකි. මෙයින් පෘතුගීසි සමයෙන් (1592 න්) පසු කලක පහතරට කෙනකු විසින් මෙය රැසැයුණු බව පෙනේ. “පරාල, බාල්ක” යන වචන උඩරට බාවිතයට අයේ බොහෝ මෑතක ය.
බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්ථවිර ආයුබෝ වන සෙතා ඉසුරු වරමින් යුතා උමාගන දළ නෙතා ඉසුරු එබිසෝ වෙතා 2 ගැබැ කුමර හටගතා දිනෙන් දින මෝරතා දොළ උපත හටගතා රස මියුරු ගෙන දෙතා 3 එදොළ සංසිඳුවතා එසත් මස පිරිගතා දෙතන පුඩු කළු වෙතා කිරිබරින් සිටගතා 4 නවසඳෙව් රුවිනිතා දසඑකඩ මස වෙතා විලිරදය පහරිතා ගුරුදිනේ බිහිවෙතා 5 රේවතිය මෙ නකතා කඳකුමරු නම ලතා ඔවුන් පුත් ගණපතා ඔහුට තෙද බල ඇතා 6 තෙද නුවණ විකුමැතා රකුසනට බලවතා නරයනට සිරි දෙතා සුරිඳුනට අගපතා 7 එ සිවුසැට සිල්පයට වැඩි සිල්ප දසට රට නිපුණ කරවන ලෙසට මෙ වැනි ගණදෙවිඳු හට 8 වැඩ ඉන්න නිසි ලෙසට මාලිගාවක් සොඳට කරවන්න නියම කොට ගණිත ඇදුරකු ළඟට 9 යවා පණිවිඩ එවිට ගෙන්නවා එ නුවරට බිමක් බලවා සොඳට එ බිම සමකැරැ සතුට 10 ඇදුරුවරු එතැන සිට කපා කප් සොඳ රඟට ආවඩා දෙපස සිට මගුල් කපගෙන අතට 11 වඩ වඩා සෙනෙහසින් මගුල් කප සිටුවමින් දමා යට තලාදින් වනා පරහල උමන් 12 වෙළා නන බැඳ තදින් එරන් උළු සොයොව මින් පදනම ද ගලතෙලෙන් මුදුන කොත් සිටුවමින් 13 බිත්ති මැටි පද ලමින් සුණුපදම් ලා ඔපින් මකර රුව හංසයන් ගවර දිවි සිංහයන් 14 මොනරු හා ගිරවනුත් කොබෙය්යන් කුකුළනුත් පරෙවි සොඳ කොවුලනුත් ඇඳ බිත්තිවල මෙ සිත් 15 සිත්තරකු ගෙන්වනා ආසනේ තනමිනා උඩුවියන් බඳිමිනා වටතිර ද අදිමිනා 16 සේර අඩි තනමිනා වලුමල් ද බඳිමිනා නොයෙක් රුවනින් මනා සඳුන් මණ්ඩප තනා 17 දෙවි රුවක් තනමිනා සොඬ තලු ද මුක තනා ඉස ඔටුනු දරමිනා ගජතකුගෙ හිස මෙනා 18 දෙ දළ කන්තල තනා නළල අඩසඳ මෙනා දෙබැම දේදුනු මෙනා රුවින් සඳසේ මනා 19 නුවන් නිලුපුල් මෙනා දෙතොල දළ පබලිනා ගහණ රන් අකුසෙනා මුකය රත් පියුමෙනා 20 සවන් දෙක දිළිසෙනා දෙවුර රන් තොරණිනා දෑත් දිළි ගනරනා ඇඟිලි රන් පළු මෙනා

කවි ගායනය ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනෙහි
සාසනසිද්ධී පොඩි හාමුදුරුවෝ,
රතනජීව පොඩි හාමුදුරුවෝ

Comments

Popular posts from this blog

5S සංකල්පය කාර්යාලයටත් ජීවිතයටත්

මොකක්ද මේ 5S??? ජපනා හපනා කියල කතාවක් අහල ඇතිනේ. මේකත් ඉතින් ජපනගෙම වැඩක් තමා. අපි කවුරුත් දන්නවනේ, ජපානය කියන්නෙ කාර්මික ක්ෂේත් ‍ රයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබල තියෙන රටක්ය කියන එක. ජපානෙ එච්චර දියුණු රටක් වුනාට, ඒ රටේ ඔය කාර්මික නිෂ්පාදන වලට අවශ් ‍ ය කරන ස්වභාවික සම්පත් අඩුයි, ඒ වගේම දෙවෙනි ලෝක යුද්දෙදි විශාල විනාශයක් වුන රටක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ රට මෙච්චරටම දියුණු වුනේ කොහොමද? ඒ දියුණුවේ රහස මොකක්ද? ඒ රහස් අතරින් ප් ‍ රධානතම රහසක් තමා මේ කියන්න හදන 5S කියන සංකල්පය. ඇත්තටම කිව්වොත් 5S කියන්නෙ කියන්නෙ කර්මාන්ත ශාලාවක් කළමනාකරණය කිරීම සඳහා ඇති කරපු සංකල්පයක්. 5S – S අකුරු 5 ක්. ජපන් භාෂාවෙ තියෙන Seiri, Seiton, Seisô, Seiketsu සහ Shitsuke කියන ජපන් වචන පහේ මුල් අකුරු අනුව තමා මේ සංකල්පය 5S කියල හඳුන්වන ‍ ්නෙ. මේ වචන පහට සමාන තේරුම් තියෙන Sort, Set In Order, Shine, Standardize සහ Sustain කියන ඉංග් ‍ රීසි වචන යොදල ඒක ඉංග් ‍ රීසියට පරිවර්තනය කරල තියෙනව. මේකට “ස” යන්නෙන් පටන් ගන්න, සංවිධිත බව - සුපිළිවෙළ - සුපිරිසිදුබව - සමමිතීය - ශික්ෂණය යන සිංහල වචන පහක් යොදල මේක සිංහලයටත්...

ඵලදායීතාව යනු

ඵලදායීතාව යනු අද වන විට බහුල ලෙස භාවිතා වන සිංහල වචනයක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. ඉංග් ‍ රීසි භාෂාවේ productivity යන වචනයේ අර්ථය ප් ‍ රකාශ කිරීම පිනිස ඵලදායීතාවය යන වචනය අප විසින් භාවිත කෙරේ. සමහර උදවිය මෙහි ගැබ් වී ඇති සැබෑ අර්ථය තේරුම් නොගෙන මෙම වචනය භාවිත කරන බව අධ් ‍ යයනයේදී පෙනී යයි. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්නේ ඵලදායීතාවයයි. ප් ‍ රාදේශීය මහ ලේකම් කාර්යලද රජයේ ප් ‍ රමුඛ සේවාවන් ලබාදෙන ආයතනයකි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා පම...

පිරිවෙනෙහි දැක්ම, මෙහෙවර, හා පිරිවෙන් අගයන්