මොකක්ද මේ 5S??? ජපනා හපනා කියල කතාවක් අහල ඇතිනේ. මේකත් ඉතින් ජපනගෙම වැඩක් තමා. අපි කවුරුත් දන්නවනේ, ජපානය කියන්නෙ කාර්මික ක්ෂේත් රයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබල තියෙන රටක්ය කියන එක. ජපානෙ එච්චර දියුණු රටක් වුනාට, ඒ රටේ ඔය කාර්මික නිෂ්පාදන වලට අවශ් ය කරන ස්වභාවික සම්පත් අඩුයි, ඒ වගේම දෙවෙනි ලෝක යුද්දෙදි විශාල විනාශයක් වුන රටක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ රට මෙච්චරටම දියුණු වුනේ කොහොමද? ඒ දියුණුවේ රහස මොකක්ද? ඒ රහස් අතරින් ප් රධානතම රහසක් තමා මේ කියන්න හදන 5S කියන සංකල්පය. ඇත්තටම කිව්වොත් 5S කියන්නෙ කියන්නෙ කර්මාන්ත ශාලාවක් කළමනාකරණය කිරීම සඳහා ඇති කරපු සංකල්පයක්. 5S – S අකුරු 5 ක්. ජපන් භාෂාවෙ තියෙන Seiri, Seiton, Seisô, Seiketsu සහ Shitsuke කියන ජපන් වචන පහේ මුල් අකුරු අනුව තමා මේ සංකල්පය 5S කියල හඳුන්වන ්නෙ. මේ වචන පහට සමාන තේරුම් තියෙන Sort, Set In Order, Shine, Standardize සහ Sustain කියන ඉංග් රීසි වචන යොදල ඒක ඉංග් රීසියට පරිවර්තනය කරල තියෙනව. මේකට “ස” යන්නෙන් පටන් ගන්න, සංවිධිත බව - සුපිළිවෙළ - සුපිරිසිදුබව - සමමිතීය - ශික්ෂණය යන සිංහල වචන පහක් යොදල මේක සිංහලයටත්...